Connect with us

world-news

සෞදියේ ඔටුන්න හිමි කුමරු රාජධානියේ අගමැති වෙයි. 

Published

on

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සෞදි ප්‍රෙස් ඒජන්සිය (SPA) අඟහරුවාදා ප්‍රකාශ කළේය.

එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇත. කැබිනට් සංශෝධනයක් මධ්‍යයේ කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වනු ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්….

Published

on

By

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දී සිටියා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් අමෙරිකාව නේටෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් කරගනු ඇති බව අමෙරිකානු හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති අතර නේටෝ අයවැය ඉලක්ක සපුරා නොගන්නේ නම්, අමෙරිකාව තවදුරටත් නේටෝ සංවිධානය වෙනුවෙන් මුදල් වැය නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Continue Reading

world-news

කාල් වෙදර්ස් දිවියෙන් සමුගනී..

Published

on

By

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
1970 දශකයේ මැද භාගයේ දී සියරංගන දිවිය ඇරඹි කාල් වෙදර්ස් මිය යන විට 76නව වියේ පසු විය.
වෙදර්ස්, 1978 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමග ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර මෑතකදී ‘ ස්ටාර් වෝර්ස්’ කථා මාලාවටද රංගනයෙන් දායක වූ බව වාර්තා වේ.
චිත්‍රපට, රූපවාහිනීය, කලාව, ක්‍රීඩා යන ක්ෂේත්‍ර වලට දායකත්වය දෙමින් නොමැකෙන සලකුණක් තබා කාල් වෙදර්ස් මෙලෙස දිවි සැරිය නිමා කර ඇත.

Continue Reading

world-news

ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේශපාලනයට..

Published

on

By

ජනප්‍රිය ඉන්දියානු දමිළ නළු විජේ දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වේ.

ඔහුගේ දේශපාලන පක්ෂය ‘තමිලග වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති අතර දැනට වැඩ කටයුතු අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙන් පසු, ඔහු සිනමා වෘත්තියෙන් සමුගෙන පූරණකාලීනව දේශපාලනයට පිවිසීමට අදහස් කරන බව වාර්තා වේ.

Continue Reading

ප්‍රවණතාවන්