නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට දින 3 – 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
