173 views 1 sec 0 comments

සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කළ යුතුයි – අනුර කුමාර දිසානායක 

In Local News
September 28, 2022

රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය  සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙය සඳහන් කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්ඩොලර් අර්බුදයට වඩා රුපියල් අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවයි.

ඒ අනුව රුපියල් අර්බුදය විසඳා ගැනීම සඳහා පැතිරිය හැකි ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ව්‍යාපාරය හැඳින්විය හැකි අතර එය 

වර්ධනය කළහොත් රුපියල් අර්බුදයටද සැලකිය යුතු පිළිතුරක් සොයාගත හැකි බවයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.