167 views 0 secs 0 comments

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම ගැන තීරණයක්…

In Local News
September 28, 2022

රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙන අතර චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තා වන බවද එහි සඳහන් වනවා.