193 views 0 secs 0 comments

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ සන්නිවේදනය කිරීමට දුරකථන අංක 2ක්…

In Local News
February 25, 2022

යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක
2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා.

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති අතර +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැන ගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකි වේ.

යුක්‍රේනයේ පවතින තත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නැයි අන්කාරාහි පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.