
ඊයේ (01) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී තම පියා ඝාතනය කර මවට යකඩ පොල්ලකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරු සිය දෙමාපියන්ට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.වසර දෙකක පමණ කාලයක සිට ඇඳට වැටී සිටි පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ මව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.