143 views 0 secs 0 comments

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජූනි මාසයේ අවසන් කිරීමට සැලසුම්..

In Local News
May 08, 2024

ජුනි මාසය වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට රජයේ අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නිවේදනය කළේය.
මෙම ප්‍රයත්නය සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාවේ ණය බරින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකි බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම අදහස් පළකළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.