219 views 0 secs 0 comments

ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි ඉල්ලීමක්…

In Local News
April 27, 2022

සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය මත ලක්ෂ 100 කට සාදා නිම කිරීමට සැලසුම් කරන නිවසක් අද ලක්ෂ 250 කින් හෝ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

රජය මෙයට මැදිහත්වීමක් සිදු නොකරන අතර ආනයනකරුවන්ගේ සංගමය සිමෙන්ති මිල තීරණය කර එය ක්‍රියාත්මක කරන බවත්, මෙය මාෆියාවක් වන බවත් ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියා.