
පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක කාමරයකට ගිනි තැබූ බව කියන සිසුන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම විදුහලේ වයස අවුරුදු 12 සහ 07 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනකු විසින් මෙම කාමර දෙකට ගිනි තබා ඇති බව CCඨ්V දර්ශනවල සටහන්ව තිබූ අතර කිසියම් වරදක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් දඬුවම් ලැබීමෙන් පළිගැනීමක් ලෙස සිසුන් එලෙස ක්‍රියාකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළවලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.