185 views 0 secs 0 comments

අනුරාධපුරයේ දී හෙරොයින් ග්‍රෑම් 27ක් සමග තරුණයෙක් අත්අඩංගුවට

In Local News
November 07, 2021

කහටගස්දිගිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 27ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 ත් 68 ත් අතර පසුවන මෙම පිරිස හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සමඟ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.