182 views 0 secs 0 comments

“සෞභාග්‍යයේ දර්ශන” මගින් ප්‍රතිඥා දුන් විප්ලවීය වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදු කරනු ඇත: ජනාධිපති

In Local News, Politics
November 07, 2021

ඊයේ (06) පස්වරුවේ මණ්ඩදූව මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.
ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්. එය සාක්ෂාත් කර ගැනීමේදී දුෂ්කරතා සහ බාධාවන්ට මුහුණදීමට සිදුවන බවද ජනාධිපතිවරයා පැවසීය.එම අභියෝග ජයගැනීමට කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.