ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.
අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මේ බව කියා සිටියේ ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති අතර අදාළ ව්‍යාපාරික කාන්තාවට එරෙහිව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
