බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩ නැගීමට ජනතාවට වුවමනාවක් ඇත්නම් ඒ හා සමාන වුවමනාවක් ජාතික ජන බලවේගයට ඇති බවයි.
