
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව තායිලන්ත අගමැති Srettha Thavisin මහතා දෙදින නිල සංචාරයක් සදහා එළඹෙන 3 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
76වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස ඔහු මෙරටට පැමිණෙන අතර මෙම සංචාරය අතරතුර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡවක් පැවැත්වීමට හා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවටද සහභාගී වීමට නියමිතය.