728 views 0 secs 0 comments

පැය 24ක් තුළ රිය අනතුරු 12ක්.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක….

In Local News
January 02, 2021

පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බවත් එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව මාර්ග ආරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එතුමා ප්‍රකාශ කළා.
තව දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“මෑත දින 10 කාලය තුළ වැඩිම පිරිසක් මියගිය පැය 24ක කාලපරිච්ජේදය හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොවිඩ් වසංගතයට පෙර අපේ රටේ දිනකට මියගිය සංඛ්‍යාව 8 – 9ක් වගේ වෙනවා. නමුත් පසුගිය පැය 24 තුළ 12 දෙනෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම දෙසැම්බර් 20 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ලංකාවේ රියඅනතුරුවලින් මියගිය සංඛ්‍යාව 65ක් පමණ වෙනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරුවලින් 40 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. මෙයින් 6 දෙනෙක් බරපතළ අය. “