163 views 0 secs 0 comments

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කෙරේ…

In Local News
February 24, 2023

සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.
දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුලත් බවන අතර නවක ක්‍රීඩකයින් ලෙස දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා තිබේ.

එමෙන්ම ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු ද මෙම සංචිතයට එක්ව ඇත.

කණ්ඩායම එළැඹෙන 27 වැනි දා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිත අතර තරගාවලිය මාර්තු 9 වැනි දා ක්‍රයිෂ්චර්ච් හීදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.