131 views 0 secs 0 comments

ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා…

In Local News
July 31, 2023

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග පවත්වාගෙන ගොස් නොමැති අතර ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග, තෙල් සංස්ථාව සතු බැවින් නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙසද අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා.