23 views 0 secs 0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74වන සංවත්සරය අද…

In Local News
September 02, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද (02) දිනට යෙදී ඇති අතර, එය සමරන ප්‍රධාන උත්සවය පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, මෙවර සංවත්සරය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් සහ ආසන බලමණ්ඩල රැස්වීම් සංවත්සරයත් සමග ආරම්භ කිරීමට සුදානම් වී ඇති බවද ඔහු පැවැසීය.