ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.