164 views 0 secs 0 comments

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් හා ජනපති අතර හමුවක්…

In Local News
February 19, 2024

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීම සඳහා අද (19) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශිෂ්‍යාවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් සැලසිණි. එහිදි එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා, එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කළේය.