95 views 0 secs 0 comments

ලුණු මිල පහතට – උපරිම සිල්ලර මිලට නිකුත් කිරීම ආරම්භය…..

In Local News
June 26, 2025

වෙළෙඳපොළේ ලුණු මිල පහත දැමීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන් යටතේ ලුණු නිකුත් කිරීම වහාම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය පදනම් කරගෙන මෙම පියවර ගෙන ඇති අතර, රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අවශ්‍ය තරම් ලුණු තොග මෙරටට ලැබී ඇතැයි සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, පහත උපරිම සිල්ලර මිල සීමාවන් යටතේ ආනයනිත කෑමට ගන්නා ලුණු නිකුත් කෙරේ:

  • කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් – රු. 180
  • ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් – රු. 240
  • ලුණු කුඩු ග්‍රෑම් 400ක් – රු. 120

මෙම මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදාහැරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර, එමගින් ඉහත සඳහන් මිලට පාරිභෝගිකයින්ට ලුණු ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇතැයිද සංගමය පවසයි.