Connect with us

Local News

කීරි සම්බා ආනයනයට නිර්දේශ – මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කමිටු තීරණයක්

Published

on

මෙරට වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව නොමැති බව ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් සඳහන් කිරීම පදනම් කරගෙන, කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව, මෙට්‍රික් ටොන් 5,000ක් රාජ්‍ය ආයතන මඟින්ද, අනෙක් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණයට එළැඹුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කමිටු රැස්වීමකදීය. මෙහිදී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු ගනු ලැබීය.

මේ අවස්ථාවේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වාදුන්නේ, පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම මෙන්ම දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමද මෙහි අරමුණක් වන බවය.

එමෙන්ම, දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් කීරි සම්බා වී කිලෝවක් රු. 120ක මිලකට වී අලෙවි මණ්ඩලය සහ සතොස ආයතනය මඟින් මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කෙරිණි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම, බියර් හා සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුව බඩඉරිගු, ටින් මාළු, බිත්තර, මාංශ නිෂ්පාදන සහ ලුණු ආනයන කටයුතුද සාකච්ඡා විය.

පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම, යල කන්නයට පොහොර බෙදාදීමේ ප්‍රගතිය, ණය නිකුත් කිරීම සහ වගා කටයුතුවල සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී විශ්ලේෂණයක් සිදු විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්