
ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද (12) දහවල් නීතිඥවරයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.
අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණවල නිරත වීම ඇතුළු චෝදනා ජීවන්ත පීරිස් පියතුමා වෙත එල්ල වී තිබූ අතර අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස් කර තිබේ.