
බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.
එකම දිශාවට ධාවනය වූ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.