ඊයේ (30) දින 130කට අධික පිරිසක් මිය ගිය ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයට සහ එහි ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) සදහන් කරන්නේ , ශ්‍රී ලංකා රජය සහ ජනතාව, ඉන්දීය රජයට සහ ජනතාවට, විශේෂයෙන් සිද්ධියෙන් ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ඔවුන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමට තමන් හා එක්වන බව ජනාධිපතිවරයා පැවසු බවයි.
“පාලම කඩා වැටීමත් සමඟ ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි හි සිදුවූ ඛේදනීය අනතුර ගැන කම්පනයට හා කණගාටුවට පත් විය. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ගලවා ගැනීමේ සහ යථා තත්ත්වයට පත්කිරීමේ මෙහෙයුම්වල සියල්ල සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කරනවා.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
