
පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
