189 views 0 secs 0 comments

හෙට සිට ඉන්ධන ලබා ගැනීමට ටෝකන් පත් නිකුත් කිරීමට තීරණයක්…

In Local News
June 26, 2022

පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ සිට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ටෝකන් පතක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ ටෝකන් පත අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය සහිතව ඉන්ධන පිරවුම්හලට ආවේනික ලෙස නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීළඟ ඉන්ධන නෞකාව පැමිණෙන තෙක් ඉන්ධන බෙදා හැරීම සීමා සහිතව සිදුවන අතර එහිදී ටෝකන් අනුපිළිවෙල අනුව ඉන්ධන පිරවුම්හලට බවුසරයක් පැමිණි පසු දැනුවත් කිරීමක් සිදුකර බෙදා හැරීමට නියමිතයි.

ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ටෝකන් පත ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස් බලා යන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.