
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තමාගේ විශ්වාසය බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේ නමුත් ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් තරුණයින්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට තමන් සුබ පතන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
