89 views 0 secs 0 comments

මෙම වසරට අදාල රජයේ අයවැය එළඹෙන සඳුදා…

In Local News
February 14, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ඉදිරිපත් කරන පළමු හා, මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් පිරිසක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගි වී ඇත.