Connect with us

Fashion

ඇල්ල හටගත් ගින්න…

Published

on

ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (13) සවස 4ට පමණ හටගත් ගින්න අද (14) පෙරවරුව වනවිට අක්කර 20ක් පුරා පැතිරගොස් ඇති බව වාර්තා වූ අතර මේ වනවිටත් රක්ෂිතයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් තිබේ.

මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව ආපදා කළමානාකර මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියා.

පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබූ අතර අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර ඇත.

ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න, ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ගින්න පාලනකිරීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරින් ඊයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන අතර, ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත.

මෙය වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිමේ ගිනිපටි ඊයේ කපනු ලැබීය.

එමෙන්ම ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට කටයුතු යොදා තිබේ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප්‍රවණතාවන්