Connect with us

Local News

නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව මහනුවරදී….

Published

on

ආහාර ස්වෛරීභාවය සඳහා වන නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව අද (03) මහනුවර පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේදී ආරම්භ විය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, දින 10ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 80ක නියෝජිතයන් 700කට අධික පිරිසක් සහභාගී වන බවය.

ආරම්භක උත්සවයට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය, අගය එකතු කිරීම, සමුපකාර හා විකල්ප වෙළෙඳපොළ සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය නියෝජිතයින් 300කට වැඩි පිරිසක් සහභාගීවීම නියමිතය.

මෙම සමුළුවේදී ආහාර ස්වෛරීභාවය, පරිසර හිතකාමී ගොවිතැන, දේශගුණික යුක්තිය, සමුපකාර මූලික සහයෝගී ආර්ථිකයක් වර්ධනය කිරීම සහ ආහාර නිෂ්පාදකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු හා ප්‍රවණතා සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යාංශය සදහන් කරයි.

නියෙලෙනි සමුළුවේ පළමු හා දෙවන සමුළු මාලි රාජ්‍යයේදී 2007 සහ 2015 වර්ෂවල පැවැත්වුණි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයට…

Published

on

By

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ.

පසුගියදා ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුර අවස්ථාවේදී, වෛද්‍ය රාජපක්ෂ මහතා අනතුරට පත් වූ අයගේ ජීවිත බේරා ගැනීමට සිය ජීවිත අවදානමට ගෙන කටයුතු කළේද විශේෂත්වයකි.


Continue Reading

Local News

පාවෙමින් තිබූ මිනිසුන්ගේ මළ සිරුරු දෙකක් සොයා ගැනේ…

Published

on

By

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් හමුවිය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ, හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් වෙනත් සැකපහරණ මරණයක්ද යන්න පිළිබඳව කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම, පල්ලේකැලේ පොලිස් වසමේ වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී තවත් පිරිමි මළ සිරුරක් සොයා ගන්නට ලැබී ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ, බාබර් වත්ත, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ මහතාගේ මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇති අතර, පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

Local News

අද සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක වෙයි….

Published

on

By

රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට නියමිත බවයි.

මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, වර්ණ වෙනස් කළ වාහන, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන වාහන, එමඟින් නීතිවිරෝධී ලෙස ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර හෝ වෙළඳ දැන්වීම් දර්ශනය කරන වාහන සොයාබැලීමට නියමිතය.

ඉන් අමතරව, ඝෝෂාකාරී නලා සහ අධික ශබ්දය ඇති සයිලන්සර් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්