162 views 0 secs 0 comments

හෙටින් පසු අපොස සා පෙළ උපකාරක පන්ති පැවැත්වීම තහනම්…

In Local News
May 22, 2023

හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතයි.