ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි සඳහන් වේ.
එළඹෙන 25 සිට 27 දක්වා ජනාධිපතිවරයා ජපානයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.
