197 views 0 secs 0 comments

අනුරාධපුර සැක කටයුතු මරණයක්…

In Local News
November 21, 2021

අනුරාධපුර ,රාමකැලේ වලව්වත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයනු ලබන හෝටල් කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර මෙය සිය දිවි හානි කරගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද නැතිනම්, ස්වාභාවික මරණයක් ද යන්න සොයා අනුරාධපුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ, තිස්වැල්ල , කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය, සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතයි.