
ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබේ.
ඩේවිඩ් බෙනට් නම් 57 හැවිරිදි අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇති අතර මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි අදාළ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.