180 views 0 secs 0 comments

මීළඟ ජනපති ගැන හරීන් ප්‍රනාන්දුගෙන් යෝජනාවක්…

In Local News
April 06, 2022

රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා ජනපති ධුරයට පත් කිරීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (06) ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, හර්ෂ ද සිල්වා ආර්ථික විශේෂඥයෙක් බවත් ඔහු රටේ වත්මන් තත්වය සඳහා මාවතක් ගොඩ නගනු ඇති බව සඳහන් කර සිටියා.

එමෙන්ම වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලබා නොගෙන ආදර්ශයක් ලබා දෙන බවත්, පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.