166 views 0 secs 0 comments

පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්..

In Local News
August 05, 2022

ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඔවුන් සඳහන් කළේ.