230 views 0 secs 0 comments

තව මාස 6ක් පමණ දුෂ්කර කාල සීමාවක ගත කිරීමට සිදුවෙයි – ජනපති

In Local News
August 05, 2022

රට යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 6 ක පමණ කාලයක් තවදුරටත් දුෂ්කර කාල සීමාවක් ගත කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියා. ලෙට්ස් රී සෙට් ශ්‍රී ලංකා නමින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ ඇඩ්වකාටා ආයතනයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම මෙහිදී සිදු වූ අතර ඊට සමගාමීව විද්වත් කථිකාවක් ද පැවැත්විය.