180 views 0 secs 0 comments

ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් ජනපති හමුවෙයි

In Uncategorized
August 06, 2022

ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.
රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා පැවසීය.
නීතිවිරෝධී ලෙස සහ අත්තනෝමතික ලෙස අරගලයට සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් බොහෝ විරෝධතාකරුවන් විරෝධතා ස්ථානයෙන් ඉවත්වීමට මැලිකමක් දක්වන බවයි.