
රජය නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට තීරණය කර තිබෙනවා. පොහොර තොගය නැවත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. නෞකාවේ තිබූ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.