174 views 0 secs 0 comments

සෞඛ්‍ය සේවකයින් හෙට වර්ජනයක

In Health, Local News
November 08, 2021

සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත වර්ජනයක් සෞඛ්‍ය වෘත්තිකයින් ක්‍රියත්මක කරන බව
දැනුම් දී තිබේ. ඉල්ලීම් 6ක් සදහා දීර්ග කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම නිසා මෙම වර්ජනය සිදු කරයි. වර්ජනය සදහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ‍යින් , ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිළධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගි වන අතර මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය සිදු නොවේ.