
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ රට පුරා විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් පිහිටුවීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවයි.
අමාත්‍යවරයා පසුගිය දා වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විදාතා ව්‍යවසායකයන්ගේ හමුවට සහභාගී වෙමින් මේ බව පැවැසීය.
විදාතා වැඩසටහන ඔස්සේ ප්‍රාදේශීය මට්ටමින් දේශීය සම්පත් ආශ්‍රිත කුඩා හා මධ්‍ය ව්‍යවසායන් දියුණු කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඉටු කරන බවත්, එහිදී ව්‍යවසායකයන්ට මුහුණ දෙන ගැටළු විසඳා සාර්ථක මට්ටමකට ඔවුන් පියඹවීම අමාත්‍යාංශය උදෙසා ගන්නා දැක්ම බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී එක් එක් ප්‍රදේශයේ විශේෂිත කර්මාන්ත හා ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් නවීන තාක්ෂණය යොදාගෙන බීජෞෂණ මධ්‍යස්ථාන සකස් කරන අතර, කෘෂිකාර්මික, කාර්මික සහ පාරම්පරික කර්මාන්ත දියුණු කිරීමටද සහය ලබා දෙන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට දේශීය බැංකු සමග සහයෝගිතාව පවත්වාගෙන යාමටත්, නිෂ්පාදන වෙළඳපොළට ගෙන යාමට ප්‍රාදේශීය සභා සමග කටයුතු කිරීමටත් අවධානය යොමු කර ඇති බවද ඔහු අවධාරණය කළේය.