
“දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේ” දී ශ්‍රී ලංකාව ගත් ප්‍රතිඥා සමාලෝචනය කිරීම සඳහා වූ ජාතික සැසිය 2025 අගෝස්තු මස අවසානයේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
2024 නොවැම්බර් 07 සහ 08 යි කොළොම්බියාවේ බොගෝටා නගරයේ පැවති ගෝලීය සමුළුවට රටවල් 119 නියෝජනය කරන නියෝජිතයින් 1400කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර ශ්‍රී ලංකාවද එම සමුළුවේ සහභාගි විය. එහිදී ශ්‍රී ලංකාව සියලු දරුවන්ට ආරක්ෂිත පරිසරයක් ගොඩනගා ගැනීමට අදාළ වැදගත් ප්‍රතිඥා රැසක් දියුනු කළේය.
එම ප්‍රතිඥා අතරට ආරක්ෂිත පාසල් බිහි කිරීම, සමාජ සේවා ප්‍රතිචාර ශක්තිමත් කිරීම, දිවි ගලවාගත් දරුවන්ට සංවේදී සේවා සැපයීම සහ ශාරීරික දණ්ඩනය තහනම් කිරීම ඇතුළත් වේ.
මෙම ප්‍රතිඥා 2025 අගෝස්තු මාසය අවසානයට ඉටු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශයන් ගත් පියවර සමාලෝචනය කර ප්‍රගති වාර්තා සිවිල් සංවිධාන වෙත ඉදිරිපත් කිරීමත් මෙම සැසියේ ප්‍රධාන අරමුණ විය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසියට අදාළ අමාත්‍යාංශ නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UණෛCEF), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සහ විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි වූහ.