
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ආරෝග්‍යා ජංගම සුවසායනය, පසුගියදා (30) කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද කොස්ගුලන කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.
මෙහිදී අක්ෂි, දන්ත, සුවනාරි, ආයුර්වේද, දියවැඩියා, රුධිර පීඩන, ECඝ්, කොලෙස්ට්‍රෝල් ආදී වෛද්‍ය සායන රැසක් පැවැත්විණි. ප්‍රදේශයේ ජනතාව දහසකට අධික පිරිසක් මෙම සේවා ලබාගත් අතර අවශ්‍ය පුද්ගලයන්ට නොමිලේ ඇස් කණ්නාඩිද බෙදා දෙන ලදී.
ආරම්භක උත්සවය, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ නිහාල් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා ඇතුළු අමුත්තන් සහභාගි වූහ.
නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම සවී ලෑන්ඩ්ස් සමාගමේ අනුග්‍රහයෙන් සිදු කළ අතර එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඕන්ඩ්‍රි පෙරේරා මහතාද එක්විය.
මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනගා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, මෙම ජංගම සුවසායනය එම දැක්ම සාර්ථක කරගැනීමට වැදගත් පියවරක් බවත්ය.