මැදපෙරදිග සාම උත්සාහයන්ට සමව, යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට මැදිහත් වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලීමක් යුක්‍රේන ජනාධිපති වොලැදිමියර් සෙලෙන්ස්කි මහතා කළ බව වාර්තා වේ.
ඒ, යුක්‍රේන ජනාධිපතිවරයා විසින් අමෙරිකානු ජනාධිපතිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිදු කළ ඉල්ලීමකි.
සෙලෙන්ස්කි ජනාධිපතිවරයා පැවසුවේ, “එක් කලාපයක යුද්ධයක් නතර කළ හැකි පුද්ගලයෙකුට, අනෙකුත් යුද්ධ නතර කිරීමේ හැකියාව ද පවතී” බවයි.
එම අවස්ථාවේදී ඔහු සදහන් කළේ රුසියාව යුක්‍රේන බලශක්ති පහසුකම් වෙත අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද යි.
දුරකතන සාකච්ඡාව තුළදී නායකයන් දෙපළ අතර යුක්‍රේන ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා සිදු වූ අතර, ඉදිරියේදී එම ගිවිසුමකට අත්සන් කිරීම පිළිබඳවද එකඟතාවයකට පැමිණ ඇති බව තොරතුරු සඳහන් කරයි.
