හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි. පසුගිය ජුලි 9 වැනිදා මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකිනි. ඉන්පසු ඔහු සිංගප්පූරුවට පියාසර කළ අතර එහිදී ඔහු දින කිහිපයක් නැවතී තායිලන්තයට ගියේය.
