
තාවකාලිකව වසා දැමුණු ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන සඳහා යළි විවෘත කර ඇතැයි පොලීසිය පවසයි.
ආරක්ෂක අංශ විසින් ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දින 100කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත මහජනතාව ඊයේ(22) එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා දැමුණි.