අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සාකච්ඡා කිරීම සඳහා එහි නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
අද සහ හෙට (23) එහි නියෝජිතයින් කණ්ඩායම් දෙකක් ලෙස
පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ.
