
පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම බේකරි හිමියන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තිරිඟු පිටි තොග වෙළෙඳපොළේ මිල රු. 20,000 කි.