
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් සඳුදා (4) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ නිවේදනය කළේය. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.
ලිට්‍රෝ සභාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැරදි කරන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු අදාළ ප්‍රදේශයේ පොලිසියට හෝ 1311 අමතන ලෙසට දැනුම් දෙන ලෙසයි.